ව්‍යාපාර සහාය වෘතිකයන් තම සියලු ගණුදෙනු හා අනෙකුත් කාර්‍යයන් හීදී සාධාරණත්වයඅවංක භාවය හා සෘජු භාවය පිළිබද මූලධර්ම පවත්වාගෙන යා යුතු බව ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය අපේක්‍ෂා කරයි.

මෙම ආචාර ධර්ම සංග්‍රහය මගින් ව්‍යාපාර සහාය වෘතිකයන් බැඳී සිටිය යුතු ප්‍රතිපත්තිව්‍යවස්ථාවන් සහ කාර්‍ය පටිපාටි වලින් එක් කොටසක් නිරූපණය කරයි. දැඩි ලෙස ව්‍යවස්ථාවන් උල්ලංඝනය කරන අවස්ථාවලදී ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනය ප්‍රතිපත්ති සහ කාර්‍ය පටිපාටිවලට අනුකූලව ක්‍රියා කරනු ලැබේ.   

ව්‍යාපාර සහය වෘතිකයන් අදාල ව්‍යාපාර කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමේ වැඩපිළිවෙල ආචාර ධර්ම සංග්‍රහයෙන් විග්‍රහ කොට ඇත.

සියලුම අවස්ථාවලදී ව්‍යාපාර සහය වෘතිකයන් මෙම ආචාර ධර්ම සංග්‍රහයට අනුකූලව කටයුතු කිරීම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වේ.

 

“A" කොටස - පැවැත්ම 

1. මහජනයා සමඟ කටයුතු කිරීම 

            1.1 හමුවීම සහ සන්නිවේදනය

            1.2 අවස්ථාව පිරිනැමීම

            1.3 ව්‍යාපාරය පිරිනැමීම

            1.4 ව්‍යාපාර සැලැස්ම පැහැදිලි කිරීම

 

"B" කොටස - වගකීම

 

2. සාමාන්‍ය වගකීම 

            2.1 බලය ලබා දීමේ සීමාව

            2.2 ව්‍යාපාර සහය වෘතිකයන් ඇතුලත් කර ගැනීම 

3. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ දේපල භාවිතය

4. නිශ්පාදන හිමිකම

5. ව්‍යාපාර සහාය වෘතිකයන් ගේ වගකීම

            5.1 යුක්ති සහගත ව්‍යාපාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම

            5.2 ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා වගකීම්

 

"C" කොටස - උපයෝගී කර ගැනීම්

 

6. ආචාර ධර්ම සංග්‍රහය උපයෝගී කර ගැනීම 

            6.1 අනුකූලතාවය

            6.2 පරිපාලනය 

7. අචාර ධර්මීය සම්බන්ධතාවය

8. හැකියාවන් ගෙන් යුත් ව්‍යාපාර සහය වෘතිකයන් ගේ සහාය

            8.1 අපේක්‍ෂාව පැහැදිලි කිරීම

            8.2 පිළිගැනීමට යටත්වඅයදුම් පත්‍රය 

9. පැමිණිලි

  "මම මගේ සාර්ථකත්වය සඳහා කැපවී සිටිමි."

 

"A" කොටසපැවැත්ම

 

1. මහජනතාව සමඟ කටයුතු කිරීම 

            1.1 සම්බන්ධතා හා සන්නිවේදනය

 

ව්‍යාපාර සහාය වෘතිකයකු

(a) සියලුම අවස්ථා වලදී යම්කිසි අයෙකු දුරකථන නාමාවලියක් තුලින් හෝ වෙනත් ආකාරයකින් සම්බන්ධ කර ගැනීමේදී එකී තැනැත්තාගේ රහස්‍යභාවය හා අපේක්‍ෂාවන්ට ගරුකළ යුතුය. 

(b) GLL සම්බන්ධව හෝ එමගින් ලබා දෙන යම් අවස්ථාවකදී කිසියම් පුද්ගලයෙකු හමු වී හෝ ඔහු සමඟ කටයුතු කිරීමේදී කලහකාරී හෝ අපහාසාත්මක පැවැත්මකට මෙන් අසාධාරණ හෝ ආවේගශීලී පැවැත්මක කිසිවිටෙක නොයෙදිය යුතුයි. 

(c) GLL හි අගයන් පිළිබදව අතිශෝක්තියක්සඟවා තැබීමක්කුතුහලයක් හෝ වැරදි නිරූපණයක් නොමැතිව ආයතනය සම්බන්ධයෙන් අවස්ථාවන් අබා දීම. 

(d) තමන්ට කල හැකි සුදුසු ඉහළම ප්‍රමිතියෙන් යුත් ඇඳුමෙන් සැරසී සිටිමින් ද උචිත භාශාවෙන් හා ලියකිවිලි මගින් ද තමාගේ බාහිර විලාසය පවත්වා ගැනීමට වගබලා ගැනීම. 

(e) දුරකථන ඇමතුම් වලදී හා හමුවීමට අවස්ථා නියම කිරීමේදී අදාල වෙලාව සහ දිනයන් සම්බන්ධව පිළිගත් විධිවිධාන සහ මනා සිරිත් විරිත් පිළිපැදීම.

 

            1.2 අවස්ථාව පිරිනැමීම

  ව්‍යාපාර සහාය වෘතිකයන් ඕනැම අවස්ථාවක ව්‍යාපාර සැලැස්මක් ඉදිරිපත් කිරීමක්පුහුණුවක්සම්මන්ත්‍රණයක් හෝ GLL හා ව්‍යාපාර හමුවීමක් පවත්වා එමගින් :

(a) තත්වය හා අවස්ථාවට අනූව කලයුතු යැයි අදහස් වන්නේ නම් මිස සුදුසු ව්‍යාපාර ඇඳුමකින් සැරසී සිටීමට වෑයම් කිරීම.

(b) GLL සැලැස්ම යටතේ ලබාදිය හැකි මූල්‍ය ප්‍රසාද පිළිබදව කිසිම විස්තරයක් කිසිම අයෙකුට ව්‍යාජ ලෙස නිරූපණය නොකිරීම.

(c) කිසියම් අරමුණක්භාණ්ඩ වෙළඳාම් කිරීමේ හැකියාව හෝ ප්‍රතිලාභ වෙනුවෙන්,

ප්‍රමිතියතත්වයගුණාංගඅමතර උපකරණ ඇතුළුව GLL නිශ්පාදනවලසේවාවල හෝ වැඩසටහන් වල ගුණාංග පිළිබඳව ව්‍යාජ අන්දමින් හෝ නොමඟ යැවෙන පරිදි කිසිවක් නොකිරීම.

(d) GLL නිශ්පාදන මිල ගණන් පිළිබඳ ව්‍යාජ හෝ නොමඟ යැවෙන නියෝජනයන් සිදුනොකිරීම. 

(e) GLL නිශ්පාදන කිසිවෙක ස්වභාවයනිශ්පාදන ක්‍රියාවලියගුණාංගකාර්‍යයන් සඳහා සුදුසු බව හෝ තත්ත්වය පිළිබඳ කිසිවෙකු නොමඟ යැවෙන පරිදි ව්‍යාජ නියෝජනයන් නොකිරීම.

 (f) භාණ්ඩ හා සේවාවන් සම්බන්ධයෙන් කිසිවෙකුගේ අවශ්‍යතාවය සඳහා ව්‍යාජ හා මුලාකරවන නිරූපනයන් ලබා නොදීම. 

(g) ව්‍යාපාර සහාය වෘතිකයන් ගේ පුද්ගලික කාර්‍ය සාධනය මත ඔවුන්ට මූල්‍යමය පාරිතෝශිතයක් සඳහා අවස්ථාව ලැබෙන බව සාකච්චා කරන ඕනෑම අයකුට ඉතා පැහැදිලි ලෙස විස්තර කර දීම. 

(h) ආකෘති පත්‍රකෙටුම්පත් හා වෙනත් මෙවලම් ඇතුලු ආයතනය මගින් අනුමත නිළ ලේඛනාදිය පාවිච්චි කල යුතුයි.

 

            1.3 ව්‍යාපාර සහාය වෘතිකයකු කිසිවිටෙක නොකළ යුතු දේ නම් : 

(a) වෙනත් අයෙකුගේ නොහැකියාව සහ දුර්වලකම්එනම් රෝගීභාවයවයසබෙලහීනතාවයනූගත්කම ඇතුළු භාෂාව භාවිතයේ හුරුපුරුදු කම් නොමැතිවීම ආදියේ වාසිය ලබා නොගත යුතුය. 

(b) ශාරීරික වශයෙන් බලය යෙදීමඅනිසි හිරිහැර කිරීම් හෝ බලහත්කාර ක්‍රියා සිදුකිරීම ඇතුලත්ව ව්‍යාපාර සහාය වෘතිකයකු ඉදිරිපත් කිරීමට අදහස් කරන ඇනවුමක් හැර GLL නිෂ්පාදන සඳහා සක්‍රීයව ඇනවුම් ඉල්ලා සිටීම හෝ ලබා ගැනීම. 

(c) "මුදල් ආපසු ලබා දීමේ ප්‍රතිපත්තියක් නොමැති බව" ඕනෑම ප්‍රවර්ධනයකදී ප්‍රකාශ කිරීම. 

(d) තමන් හඳුන්වාදෙන ලෙස ඉල්ලා සිටි විට එසේ කිරීම ප්‍රතික්‍ෂේප කිරීම

            1.4 ව්‍යාපාර සැලැස්ම පැහැදිලි කිරීම

(a) ලබා ගත හැකිව පවතින GLL ව්‍යාපාර සැලැස්ම සහ ප්‍රතිලාභ ඉදිරිපත් කිරීමේදී හෝ සාකච්චා කරන අවස්ථාව්කදී ව්‍යාපාර සහාය වෘතිකයකු සාමාන්‍යයෙන් GLL ලියකියවිලි මත විශ්වාසය තබා සැලැස්මේ අන්තර්ගත කරුණු ගැන නිරීක්‍ෂණය කල යුතුය.  

i. ලාභ ලැබීමේ හැකියාව ගැන පුරෝකථනය සිදුකෙරේ නම්සාමන්‍ය තත්වයන් යටතේ ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයෙකුගේ සාර්ථකත්වය ගැන මෙනෙහි කල යුතුය.

ii. ලාභ සඳහා කිසියම් ඇස්තමේන්තුවක් පිලියෙල කෙරේ නම් ඒවා පදනම් වූයේ කුමක් මතද යන වග සඳහන් කල යුතුය.

iii. ලාභ ඉපයීම සඳහා වූ අපේක්‍ෂාවන් පදනම් කරගත හැකි අතීත අවස්ථාවේ මෙය සඳහන් කල යුතුය.

 

(b) GLL ව්‍යාපාර සැලැස්ම ඉදිරිපත් කරන හෝ සාකච්චා කරන අවස්ථාවේදී ව්‍යාපාර සහාය වෘතිකයකු විසින් පහත් සඳහන් කරුණු වලට අදාලව ව්‍යාජ නියෝජනයක් සිදු නොකල යුතුය:

(i) ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී අදාලව සිදුවිය හැකි ඕනෑම අවධානම් තත්ත්වයන්

(ii) ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට කැපකළ හැකි කාලසීමාව

(iii) වාර්‍ෂික වියදම් ප්‍රමාණය සහ ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයෙකු සාමාන්‍යයෙන් අපේක්‍ෂා කරන වාර්‍ෂික දළ අදායම සහ එම මුදල් ගණන් බලන ක්‍රමය

 

"B" කොටස වගකීම

 

2. සාමාන්‍ය වගකීම

            2.1 බලය ලබා දීමේ සීමාව ව්‍යාපාර සහය වෘතිකයකුගේ බලය ලබා දීම සීමා සහිත වේ.

සමාගමට අධාල ඕනෑම කරුණක් ගැන ඔවුන් සමාගමේ නියෝජිතයෙකු වෙත යොමු කල යුතුය. සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂකවරයාගේ ලිඛිත පූර්ව අනුමැතියකින් තොරව ව්‍යාපාර සහාය වෘතිකයකු කිසිම තීරණයකට මැදිහත් නොවිය යුතුය.

            2.2 ව්‍යාපාර සහාය වෘතිකයන් ඇතුලත් කර ගැනීම වෙනත් නිරතවූවෙකුගේ ව්‍යාපාර සහාය වෘතිකයකු හෝ GLL ව්‍යාපාරය තුල වෙනත් හැඳුනුම් ක්‍රමයක ව්‍යාපාර සහාය වෘතිකයන් ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා අනුමත නොකරයි.

             

3. ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා දේපල භාවිතා කිරීම

තම වෙළඳ ලකුණුලාංජන සහ සේවා සංඛේත GLL මඟින් ලියාපදිංචි කර අයිතිව පවතින  හෙයින් සියළුම ලිඛිත ද්‍රව්‍ය වල ප්‍රකාශන අයිතිය GLL සතුවන අතර වෙළඳ ලකුණුලාංජන හෝ සේවා සංඛේත වල භාවිත හෝ ප්‍රකාශන අයිතිය යටතෙ ද්‍රව්‍ය ප්‍රසිද්ධ කල හැක්කේ GLL වෙතින් ලිඛිත බලය පැවරීමක් මඟින් පමණකි.

 

4. නිෂ්පාදන වල හිමිකම්.

GLL මඟින් එහි නිශ්පාදන පිළිබඳ විස්තර ප්‍රසිද්ධ කරන අතර ඒවා පරීක්‍ෂා කර බැලිය හැකි නිවැරදි හා සම්පූර්ණ ඒවා වේ. උචිත ලියවිලි වල අඩංගු තොරතුරු හා විස්තර නිවැරදිව පිලිබිඹු වන පරිදි GLL ලියකියවිලි වලින් මූලාශ්‍ර කර ගත් ඒවා නොවේ නම් ව්‍යාපාර සහාය වෘතිකයන් GLL නිෂ්පාදන පිළිබඳව ඉල්ලීම් නොකළ යුතුය. 

 

5. ව්‍යාපාර සහාය වෘතිකයන්ගේ වගකීම්

            5.1 චර්‍යාත්මක ව්‍යාපාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම ව්‍යාපාර සහාය වෘතිකයකු විසින් කල යුතු කාර්‍යයන්. 

(a) ව්‍යාපාර සහාය වෘතිකයා සහ ඔහුගේ/ඇයගේ කණ්ඩායම මෙම සංග්‍රහය පිළිබඳව දැනුවත්ව සිටින බව ඒත්තු ගැන්වීම සහ සියළුම අවස්ථාවන් වලදී මෙම සංග්‍රහයට අනුකූලවනීත්‍යානුකූලව විනීත භාවයෙන් හා අවංකභාවයෙන් යුක්තව තම කණ්ඩායම තුල සහ මහජනයාගේ සහාය වෘතිකයන් සමඟ ඔවුන් ගේ ව්‍යාපාර සම්බන්ධතාව පවත්වාගෙන යාම. 

(b) ව්‍යාපාරයට සහ ව්‍යාපාර සහය වෘතිකයන්ගේ රාජකාරි කටයුතු පිළිබඳව සහ අනෙකුත් අත්‍යාවශ්‍ය කරුණු සහ එවැනි ව්‍යාපරික හා රාජකාරි කටයුතු වලට බලපාන රාජ්‍ය    ප්‍රතිපත්ති වලට උපයෝගීවන නීති සම්බන්ධව හොඳින් දැනගෙන සිටින බව තහවුරු කර ගැනීම. 

(c) වෙනත් ව්‍යාපාර සහාය වෘතිකයකුගේ ව්‍යාපාරයට හානිදායක විය හැකි තොරතුරුආචාර ධර්ම වලින් බැහැරව භාවිතා නොකර රහස්‍ය භාවයෙන් යුක්තව තබාගැනීම

 

            5.2 ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා ආයතනයේ වගකීම GLL මඟින් තහවුරු කරගැනීම පහත සඳහන් පරිදි වේ. 

(a) ව්‍යාපාර සහාය වෘතිකයකුගේ නීත්‍යානුකූල අවශ්‍යතා සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ආයතන කාර්‍ය මණ්ඩලය සියලුම අවස්ථාවන් වලදී කටයුතු කිරීම සහ වෘත්තීය   කාරුණිකත්වය සහ සෘජු අවංක භාවය ඇතිව කටයුතු කරගෙන යාම. 

(b) ව්‍යාපාර වලට උපයෝගී කරගනු ලබන නීතිව්‍යාපාර සහාය වෘතිකයන් ගේ රාජකාරි කටයුතු සහ වෙනත් අත්‍යාවශ්‍ය කරුණුද එම ව්‍යාපාර වලට සහ රාජකාරිවලට බලපාන පොදු ප්‍රතිපත්ති පිලිබඳව ව්‍යාපාර සහාය වෘතිකයන් හොඳින් දැනුවත් කිරීම සහ සියලුම අවශ්‍යතා වලට අනුකූලව කටයුතු කිරීම. 

(c) තමන්ට බලපාන කරුණු පිළිබඳව උපදෙස් දීමට අදාලව කාර්‍ය මණ්ඩලයේ පූර්ණ සහයෝගය එකී වෘතිකයන්ට ලබා දීම. 

(d) ව්‍යාපාර සහය වෘතිකයන් ගේ නීත්‍යානුකූල අවශ්‍යතා පිළිබඳව ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම.

 

“C” කොටස උපයෝගී කර ගැනීම

 

6. ආචාර ධර්ම සංග්‍රහය යොදා ගැනීම

GLL සහ ව්‍යාපාර සහාය වෘතිකයන් විසින් ආචාර ධර්ම සංග්‍රහය පූර්ණ වශයෙන් පිළිගෙන එහි විධිවිධාන අනූව කටයුතු කිරීමට එකඟ වනු ඇත.

 

            6.1 අනුකූලතාවය

GLL සහ ව්‍යාපාර සහාය වෘතිකයන් මෙම ආචාර ධර්ම සංග්‍රහයට අනුකූල වීමට වග බලා ගනු ලැබේ.

(a) සම්බන්ධයෙන් අධ්‍යක්‍ෂකවරුන්විධායකයින් සහ කාර්‍ය මණ්ඩලයේ සියලු සාමාජිකයන් විසින් ද

(b) ව්‍යාපාර සහාය වෘතිකයන් සම්බන්ධයෙන් එකී වෘතිකයන් සහ ඔවුන් ගේ ව්‍යාපාරික කණ්ඩායම් විසින් ද අනුකූල වීමට වග බලාගනු ලැබේ.

            6.2 පරිපාලනය

අචාර ධර්ම සංග්‍රහයට අනුකූල වීමට හේතුවන පරිදි ව්‍යාපාර සහාය වෘතිකයන් සමඟ GLL  විසින් තම කටයුතු පාලනය කරනු ලැබේ.

 

7. ආචාර ධර්ම සම්බන්ධතාවය

 

ව්‍යාපාර සහාය වෘතිකයන් හෝ අපේක්‍ෂිත පාරිභෝගිකයන් සහ ව්‍යාපාර සහාය වෘතිකයා අතර සම්බන්ධතාවය මෙම මාර්ගෝපදේශ වලට අනුකූලව ආවාරධර්මීය අරමුණු සඳහා විය යුතුය.

(a) වෙනත් MLM සමාගමක් හෝ සෘජු අලෙවිකරණ සමාගමක් වෙනුවෙන් හෝ ඒ සඳහා තැරැව්කරුවන් වීම. 

(b) රහස්‍ය තොරතුරු සඳහා ප්‍රවේශවීම. 

(c) වෙනත් ව්‍යාපාර සහාය වෘතිකයන්ගේ මූල්‍යමය අංශ පිළිබඳව සාකච්චා කිරීම. 

(d) වෙනත් ව්‍යාපාර සහාය වෘතිකයකු සිය අනුග්‍රාහකත්වය වෙනස් කරවීමට හෝ හඳුන්වාදීමට උනන්දු කරවීම. 

(f) හරස් ප්‍රවේශනයට හෝ අයුතු ග්‍රහණය කරගැනීමට සහාය වීම සඳහා GLL අනුග්‍රාහකත්වය ලබා දෙන කර්තව්‍යයන්ලියවිලි හෝ සංයුක්ත තැටි භාවිතා කිරීම.

 

8. හැකියාවෙන් යුත් ව්‍යාපාර සහාය වෘතික සහයෝගය

 

හැකියාවෙන් යුත් ව්‍යාපාර සහාය වෘතික සහයෝගය යොමු කරන්නෙකුගේ සහාය ඇතිව හෝ නැතිව යම් ව්‍යාපාර සහාය වෘතිකයකු සියළුම අවස්ථා වලදී අපේක්‍ෂිත පාරිභෝගිකයා ඉදිරිපිට ඉල්ලුම් පත්‍රයේ අදාල කොටස් සම්පූර්ණ කල යුතුය.

 

            8.1 අපේක්‍ෂිත පාරිභෝගිකයන්ට පැහැදිලි කිරීම

ඉල්ලුම් පත්‍රයේ විස්තර පුද්ගලිකව යොමු කරන්නා විසින් ඉදිරිපත් කල බව අපේක්‍ෂිත පාරිභෝගිකයන් විසින් අවභෝධ කරගත හැකි පරිදි  එම විස්තර අපේක්‍ෂිත පාරිභෝගිකයන් වෙත පැහැදිලි කර ඔවුන් ඉදිරියේ සම්පූර්ණ කල යුතුය.

 

            8.2 ඉල්ලුම් පත්‍රය පිළිගැනීමට යටත් වීම

පුද්ගලයෙකු  ව්‍යාපාර සහාය වෘතිකයෙකු ලෙස පත්කිරීම සඳහා වලංගු ඉල්ලුම් පත්‍රයක් GLL අධීක්‍ෂණයට යටත් විය යුතුය.

 

9. පැමිණිලි

 

ව්‍යාපාර සහාය වෘතිකයෙකුට මෙම අචාර ධර්ම සංග්‍රහය උල්ලංඝනය කිරීමක් දැනගැනීමට ලැබුනොත්ඔහුට GLL ප්‍රතිපත්ති සහ කාර්‍ය පටිපාටිවලට අනුකූලව ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කල හැක.

 

* "මම මාගේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී සිටිමි."

 

යහපත් ව්‍යාපාර ආචාර ධර්ම ආරම්භ වනුයේ නායකයා වන ඔබ තුලින්මය.

  •  ව්‍යාපාර සහාය වෘතිකයෙකු වශයෙන්ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් ලංකා සමඟ සිදුකරන මාගේ සියළුම කාර්‍යයන්හීදී මම අවංක වෙමි. සාධාරණ වෙමි. 
  •  මාගේ කීර්තිය GLL නමින් ඇතිකරගෙන තිබෙන ධනාත්මක කීර්තියත් වර්ධනය වන පරිදි මගේ සියළුම වෘත්තීය කාර්‍යයන් ඉටු කරමි. 
  •  සාර්ථකත්වය ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය උත්සාහයේ මට්ටම පිළිබිඹු වන පරිදි වෙළඳ සැලැස්මනිවැරදිව අවංකව ඉදිරිපත් කරමි. 
  •  මාගේ සංවිධානයේ සිටින ව්‍යාපාර කණ්ඩායම්වලට පුහුණුව ලබා දීම සහ සහායවීම ඇතුළුව ව්‍යාපාර සහාය වෘතිකයෙකුගෙන් සහ යොමුකරන්නෙකුගෙන් අපේක්‍ෂාකරන සියළුම වැඩකටයුතු මාගේ උපරිම උත්සාහය යොමුකරමින් මම ඉටු කරමි.
  •  මාගේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට උපයෝගී කරගත හැකි සියළුම ප්‍රතිපත්ති සහ කාර්‍යපටිපාටි වලට අනුකූලව මම වැඩකරමි. 
  •  මාගේ සේවාව සහ මඟපෙන්වීම පිළිබඳව මාගේ යොමුකරන්නා සෑහීමකට පත්වෙන ආකාරයට ක්‍රියාකිරීමට මම උත්සාහ කරමි 
  •  තාත්වික අදායම් හැකියාවන් පමණක් ඉදිරිපත් කරමි. එහිදී ඊට බඳුන් වූ උචිත පරිදි ගනු ලබන උත්සාහයද සම්බන්ධ වේ. 
  •  අපේක්‍ෂිත පාරිභෝගිකයන්ගේ හා යොමුකරන්නන්ගේ ප්‍රශ්න වලට පැහැදිලි ලෙස හා අවංක ලෙස පිළිතුරු දෙමි. 
  •  සමාගමේ නිළ ලියකියවිලි වල සහ / හෝ අපේක්‍ෂිත පාරිභෝගිකයන් වශයෙන් සංවර්ධනය කල අය පමණක්ම යොමු කරමි. 
  •  මූලික යොමු කරන්නන් විසින් සංවර්ධනය කල අපේක්‍ෂිත පාරිභෝගිකයින් නිරතුරුවම දිරි ගන්වා ඔවුන් විසින්ම අනුග්‍රහ දැක්වීමට සලස්වමි. 
  •  GLL යනු මාගේ අලෙවිකරණ හා නායකත්ව දක්‍ෂතා මෙන්ම මාගේම පුද්ගලික උත්සාහයන් සම්බන්ධව මාගේ අධායමට ජාල අලෙවිකරණ අවස්ථාවක් බව පැහැදිලි කරගනිමි. 
  •  සියළුම අපේක්‍ෂිතයන්පාරිභෝගිකයින්යොමු කරවන්නන් සහ සහාය වෘතිකයන් ගෞරවයෙන්සුහදව සහ වෘත්තීය අචාරශීලීත්වයෙන් සලකමි. 
  •  මාගේ සංවිධානය යටතේ ලියාපදිංචි වීම සඳහා මාගේ අනුග්‍රාහක කණ්ඩායමෙන් බාහිර යොමු කරවන්නන් පෙළඹවීම නොකරමි. 
  •  GLL ව්‍යාපාරය කිසිම අන්දමකින් වැරදි ලෙස නිරූපණය නොකරමි. 
  • වැරදි හෝ මුලාවට පත් කෙරෙන බව මා දන්නා ආකාරයේ කිසිම ප්‍රචාරය කිරීමක් මම නොකරමි. 
  • මාගේ යොමු කරන්නන්ට සහ ව්‍යාපාර සහාය වෘතිකයන්ට සාධාරණ සහ යුක්ති සහගත වෙමි. මටද මාගේ සංවිධානයටදසමාගමට සහ කර්මාන්තයටද අහිතකර වන ක්‍රියාවන්හි මම නිරත නොවෙමි. 
  • ව්‍යාපාර සහාය වෘතිකයකු වශයෙන් මාගේ ක්‍රියාකාරකම් වලට දීර්ඝකාලීන GLL ප්‍රතිලාභ ලබාගත හැකිබව මම දන්නා හෙයින් මාගේ අවංකභාවයසෘජුභාවය හා වගකීම පිළිබඳ ඉහළම තත්වය දැක්වෙන පරිදි මාගේ පැවැත්ම තබා ගනිමි. 
  • අපගේ සියළුම වෙබ් අඩෙවි වල අඩංගු තොරතුරු මාගේ පුද්ගලික හා වාණිජ නොවන කටයුතු සඳහා පමණක් මම භාවිතා කරමි. 
  • GLL සමාගමේ ප්‍රතිරූපයට කැලැල්වන ආකාරයෙන් කිසිම නීති විරෝධී වෙබ් අඩෙවි ඇති නොකරමි.